Ultimate magazine theme for WordPress.

The Hundred Draft : අලෙවි නොවූ ප්‍රබලයින් හා කණ්ඩායම් අටේ විදෙස් ක්‍රීඩකයින් මෙන්න

බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) කටයුතු හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව පසුගිය 4 වැනිදා පැවැති අතර, එහිදී තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු ඊයේ(5) දිනයේ දී නිල වශයෙන් නිවේදනය කෙරුණා.

ඒ සම්බන්ධයෙන් අප ඊයේ දිනයේ දී ඔබට තොරතුරු වාර්තා කළ අතර, මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තෝරා ගනු ලැබුවේ වනිදු හසරංග පමණයි.

Manchester Originals කණ්ඩායම විසින් පවුම් 100,000 ක මුදලක් වැය කරමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමක්) ඔහුව මිලදී ගත්තේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ලියාපදිංචි වී තිබූ පසුබිමකයි.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ලියාපදිංචි වී සිටි ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙවර තරගාවලිය සදහා තෝරා නොගැනීම විශේෂත්වයක්.

ඒ අතරට, ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්, ආරෝන් ෆින්ච්, කොදෙව් දූපත්හි ක්‍රිස් ගේල්, පාකිස්තානයේ බබාර් අසාම්, මොහොමඩ් අමීර්, දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි ද අයත්.

කෙසේ වෙතත්, ජූනි මාසයේ දී තවත් විදෙස් ක්‍රීඩකයෙකු තෝරා ගැනීම සදහා සියලු කණ්ඩායම් වෙත අවස්ථාව ලබා දීමට ද තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අගෝස්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසුව මේ වන විට සකස් වී ඇති සංචිත අනුව (රදවා ගත් ක්‍රීඩකයින් ද ඇතුළුව) ඒ ඒ කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින විදෙස් ක්‍රීඩකයින් වන්නේ, –

Birmingham Phoenix :

  1. Matthew Wade (£125,000)
  2. Adam Milne (£75,000)
  3. Kane Richardson (£60,000)

Southern Brave :

  1. Quinton de Kock (£125,000)
  2. Marcus Stoinis ( £125,000)
  3. Tim David (£50,000)

Oval Invincibles :

  1. Sunil Narine (£125,000)
  2. Rilee Rossouw (£60,000)
  3. Hilton Cartwright (£50,000)

Trent Rockets :

  1. Rashid Khan (£125,000)
  2. Colin Munro (£75,000)
  3. Marchant de Lange (£60,000)

Manchester Originals :

  1. Andre Russell (£125,000)
  2. Wanindu Hasaranga (£100,000)
  3. Sean Abbott (£60,000)

Northern Superchargers :

  1. Dwayne Bravo (£125,000)
  2. Faf du Plessis (£100,000)
  3. Wahab Riaz (£75,000)

Welsh Fire :

  1. Adam Zampa (£100,000)
  2. David Miller (£75,000)
  3. Naseem Shah (£60,000)

London Spirit :

  1. Kieron Pollard (£125,000)
  2. Glenn Maxwell (£100,000)
  3. Riley Meredith (£75,000)
Leave a comment