ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට

පසුගියදා ඉන්දියාවේ දී නිමා වූ “Road Sefety World Series” තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ, තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන්.

තරගාවලියට ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති පසුබිමකයි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් පිරිසකට නිරෝධායනයට ලක්වන ලෙසට මෙලෙස උපදෙස් ලැබී ඇත්තේ.

සචින් ටෙන්ඩුල්කාර්, යුසුෆ් පතාන් සහ එස්. බද්‍රිනාත් යන ක්‍රීඩකයින්ට එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

ALSO READ : ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ගණන 4 දක්වා ඉහළට

SRI LANKA NEWS
Comments (0)
Add Comment