ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ගණන 4 දක්වා ඉහළට

නිමා වූ “Road Sefety World Series” තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ඉර්ෆාන් පතාන්ට ද කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව තරගාවලියට එක් වූ ඉන්දීය ක්‍රීඩකයින් සිව්දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.

මීට පෙර ඉර්ෆාන් පතාන්ගේ සහෝදරයා වන යුසුෆ් පතාන්ට මෙන්ම එස්. බද්‍රිනාත් සහ සචින් ටෙන්ඩුල්කාර්ට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඉර්ෆාන් පතාන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

ALSO READ : ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට

WORLD NEWS
Comments (0)
Add Comment