ජඩේජාගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ චෙන්නායි පිලට ලකුණු 28 ක ජයක්

Match Report

පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් රවීන්ද්‍ර ජඩේජා දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හමුවේ මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.

ධරම්ශාලා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

තුෂාර් දේශ්පාන්ඩේ පංජාබ් ඉනිමේ දෙවැනි පන්දුවාරයේදී ම ජොනී බෙයාර්ස්ටව්ගේ හා රයිලි රොසෝව්ගේ කඩුලු දවා ගනිමින් පංජාබ් හඹා යාමට දැවැන්ත අභියෝගයක් එල්ල කළා.

රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්. සිමර්ජීත් සිං ලකුණු 16 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පංජාබ් ඉනිම වෙනුවෙන් ප්‍රබ්සිම්රන් සිං ලකුණු 30 ක් හා ශශාන්ක් සිං ලකුණු 27 ක් රැස් කළ අතර, රාහුල් චහාර් ලකුණු 16 කට දැවී ගියා. හර්ප්‍රීට් බ්‍රාර් නොදැවී ලකුණු 17 යි.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රවීන්ද්‍ර ජඩේජා. ඔහු ලකුණු 43 ක් ලබා ගත්‌තේ පන්දු 26 කින්. රුටුරාජ් ගයික්වඩ් ලකුණු 32 ක් හා ඩැරල් මිචෙල් ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ෂාල් පටෙල් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අද ලැබූ ජයත් සමග චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ද සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

IPL 2024 - Points Table (Updated on May 18)

TEAMS M W L PT NRR
KKR (Q) 13 9 3 19 1.428
RR (Q) 13 8 5 16 0.273
SRH (Q) 13 7 5 15 0.406
RCB (Q) 14 7 7 14 0.459
CSK (E) 14 7 7 14 0.392
DC (E) 14 7 7 14 -0.377
LSG (E) 14 7 7 14 -0.667
GT (E) 14 5 7 12 -1.063
PBKS (E) 13 5 8 10 -0.347
MI (E) 14 4 10 8 -0.318
Comments (0)
Add Comment