දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන සභාපතිවරයා ලෙස Beresford Williams පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් සභාපතිධූරයේ රැදී සිටි Chris Nenzani සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.
ඒ අනුව Beresford Williams ලබන 5 වනදා පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේ දී නව සභාපතිවරයෙකු පත් කර ගන්නා තුරු අදාළ ධූරයේ වැඩ බලනු ඇති.
සභාපතිවරයා ඉල්ලා අස් වීමෙන් පසුව වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී Jacques Faul ද ධූරයෙන් ඉවත් වීමට තීරණය කළා.
Chris Nenzani දකුණු අප්‍රිකානු ක්‍රිකට් සභාපතිධූරයේ රැදී සිටියේ 2013 වසරේ පෙබරවාරි මාසයේ සිටයි.