දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.
පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී මෙම කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව මුල්පෙල පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක හා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කණ්ඩායමට කැදවීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් හා වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුයි.
පළමු තරගයේ දී ඇගිල්ලක ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් මේ වන විට සුවය ලබා ඇති බැවින් හෙට තරගය සදහා ඔහු ද ක්‍රීඩා කරනවා.
කෙසේ වෙතත්, කඩුලු රැකීමේ කාර්යය බොහෝ විට නිශාන් මදුෂ්ක විසින් සිදු කිරීමට ඉඩ පවතිනවා.
දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් එංගලන්තය කඩුලු පහක ජයක් වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය හෙට (29) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම –
1. Dimuth Karunaratne
2. Nishan Madushka
3. Pathum Nissanka
4. Angelo Mathews
5. Dinesh Chandimal
6. Dhananjaya De Silva – Captain
7. Kamindu Mendis
8. Prabath Jayasuriya
9. Asitha Fernando
10. Lahiru Kumara
11. Milan Rathnayake