Ultimate magazine theme for WordPress.

සැමීට කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායමේ වගකීම භාර වෙයි

බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායකයෙකු වන ඩැරන් සැමී කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

පිල් සිමන්ස් පුහුණුකාරීත්වයෙන් ඉවත් වීමෙන් පසුව වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ Andre Coley කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ හා කොදෙව් A කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඩැරන් සැමී 2012 හා 2016 වසරවලදී 20යි 20 ලෝක ශූරතාවය දිනා ගැනීම සදහා කොදෙව් කණ්ඩායමට නායකත්වය දැරූ අතර, ඔහු ජාත්‍යන්තර පිටියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

කෙසේ වෙතත්, මීට පෙර ඩැරන් සැමී කැරිබියන් ප්‍රිමියර් ලීග් හා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියන් හී දී පුහුණුකරු ධුරයන් දරා තිබෙනවා.

ඔහුගේ පළමු වගකීම බවට පත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියයි.

එම තරගාවලිය පැවැත්වෙන්නේ ජූනි 18 වැනිදා සිම්බාබ්වේ හී දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙරහුරුවක් වශයෙන්.