ලෝක කුසලානයෙන් පසු විශ්‍රාම ගන්නා ක්‍රීඩකයින් ගණන 3ක් දක්වා ඉහළට

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමටයි තීරණය කර ඇත්තේ.
33 හැවිරිදි ඔහුට එළඹෙන වසර සදහා මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් පිරිනැමීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු නොකළ පසුබිමක ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.
ඩේවිඩ් විලී එංගලන්තය වෙනුවෙන් මේ දක්වා එක්දින තරග 70 ක් හා 20යි 20 තරග 43 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් කඩුලු 94 ක් හා 51 ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.
2023 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව මීට පෙර දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් හා ඇෆ්ඝනිස්තානයේ නවීන් උල් හක් ද නිවේදනය කළා.