Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු නායිකාව අළුබදුනෙන් ඉවතට

ඔස්ට්‍රේලියානු නායිකා මැග් ලෙනින්ට එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත එළඹෙන අළුබදුන තරගමාලාව ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වෛද්‍ය හේතූන් මත ඇය තරගමාලාවෙන් ඉවත්ව ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ජූනි 22 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත අළුබදුන තරගමාලාවේ දී ඇය වෙනුවට ඇලීසා හීලී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති අතර, උප නායිකාව ලෙස පත් කර ඇත්තේ Tahlia McGrath.

මැග් ලෙනින් වෙනුවට වෙනත් ක්‍රීඩිකාවක් සංචිතයට ආදේශ කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන නැහැ.

ඔස්ට්‍රේලියානු A කණ්ඩායම ද අදාළ කාලයේ දී ම එංගලන්තයේ තරග සංචාරයක නිරත වන බැවින් අවශ්‍ය අවස්ථාවකදී එම සංචිතයෙන් ක්‍රීඩිකාවක් ඔස්ට්‍රේලියානු සංචිතයට කැදවීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට පවතිනවා.

කාන්තා අළුබදුන තරගමාලාවට ටෙස්ට් තරගයක්, 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

Leave a comment