Ultimate magazine theme for WordPress.

වසර 5 කට පසු නවසීලන්තයෙන් මිල්න්ට කොන්ත්‍රාත්තුවක් ; කොන්ත්‍රාත් හිමි 20 දෙනා මෙන්න

2023-24 තරග වාරය සදහා ජාතික කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනැමීමට නියමිත ක්‍රීඩක ලැයිස්තුව නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

වසර 5කට පසුව පළමු වරට වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න්ට කොන්ත්‍රාත් ගිවිසුමක් මෙවර පිරිනමා තිබීම විශේෂත්වයක්.

කොන්ත්‍රාත් පිරිනමා ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20 ක්. පසුගිය කොන්ත්‍රාත් ලැයිස්තුවට ඇතුළත්ව සිටි වමත් දග පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල්ට මෙවර කොන්ත්‍රාත් ගිවිසුමක් හිමිව නැහැ.

පසුගිය වසරේ දී කොන්ත්‍රාත් ලැයිස්තුවට පළමු වරට ඇතුළත් වූ ෆින් ඇලන්, මාර්ක් චැප්මන් හා බ්ලයාර් ටික්නර් මෙවරත් සිය ස්ථාන රැක ගැනීමට සමත්ව තිබෙනවා. විශ්‍රාම ගත් කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් හා ජාතික කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කළ ට්‍රෙන්ට් බෝල්ට් හා මාර්ටින් ගප්ටිල් වෙනුවටයි ඔවුන් කොන්‍ත්‍රාත් ලැයිස්තුවට ඇතුළත් කර තිබුණේ.

වසරකට පමණ පෙර ජාතික කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කළ ජේම්ස් නීෂම්ට ද මෙවර කොන්ත්‍රාත් හිමිව නැහැ.

ලබා දී ඇති කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කිරීම සදහා හෝ පිළිගැනීම සදහා ජූනි 12 වැනිදා දක්වා කල් ලබා දීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Players offered NZC contracts for 2023-24:

Finn Allen, Tom Blundell, Michael Bracewell, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Kyle Jamieson, Tom Latham, Adam Milne, Daryl Mitchell, Henry Nicholls, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Blair Tickner, Neil Wagner, Kane Williamson and Will Young