Ultimate magazine theme for WordPress.

මාලින්දගෙන් අයි.සී.සී දූණෂ මර්දන නිළධාරීන් ප්‍රශ්න කරයි

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරගෙන් ජගත් ක්‍රිකට් කවුන්සල දූෂණ මර්දන කමිටු නිළධාරීන් (ICC ACU) ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා.

ඒ, ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගියදා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුවයි.

එම තරගයේ දී ඔහු යොමු කළ පන්දුවක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, එය ප්‍රශ්න කිරීමක් පමණක් බවත්, ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු විදෙස් ක්‍රීඩා මාධ්‍යකට සදහන් කර තිබෙනවා.

Leave a comment