Ultimate magazine theme for WordPress.

වෝනර් 20යි 20 න් ඉවතට

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත අවසන් එක්දින ක්‍රිකට් තරගය සහ තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිමා වූ දෙවැනි එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

වෝනර් වෙනුවට ඩර්සි ශෝර්ට් ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට නම් කර ඇති බව සදහන්.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් ද ඉන්දියාවට එරෙහි ඉදිරි සීමිත පන්දුවාර තරගවලින් විවේක ගැන් වූ බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුව සුදුසු ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් පසු කර ගැනීමේ අවශ්‍යතාවය මත මෙම පියවර ගෙන තිබෙනවා.

ඩේවිඩ් වෝනර්ගේ ආබාධ තත්ත්වය ද ටෙස්ට් තරගාවලිය වන විට සුව අතට පත්ව තිබෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Leave a comment