Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට ගිය පාකිස්තානයේ 6කට කොරෝනා – පුහුණුවීම්වලටත් තහනමක්

නවසීලන්තයේ තරග සංචාරයකට එක්ව සිටින පාකිස්තාන සංචිතයේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ අදාළ ආසාදිතයින් මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් වෙන් කර හුදෙකලා කර ඇති බවයි.

පාකිස්තාන ක්‍රීඩකයින් පසුගිය 24 වනදා නවසීලන්තයට ළගා වූ අතර, අනතුරුව ඔවුන් මේ වන විට දින 14ක නිරෝධායන කාලයක් ගත කරමින් සිටිනවා.

කෙසේ වෙතත්, නිරොධායනයේ නිරත වූ පළමු දිනයේ දී ම පාකිස්තාන ක්‍රීඩකයින් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

නිරෝධායනය අතරතුර පුහුණුවීම් සිදු කිරීම සදහා ලබා දී තිබූ අවසරය ද නවතම තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවා ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 18 වනදා ආරම්භ වීමට නියමිත අතර, පසුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්විමට නියමිතයි.

Leave a comment