Ultimate magazine theme for WordPress.

උණ රෝගය නිසා ෆකාර් තරග සංචාරයෙන් ඉවතට

උණ රෝගයෙන් පෙලීම හේතුවෙන් පාකිස්තාන පිතිකරු ෆකාර් සමාන්ට නවසීන්ත තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

අද(23) දිනයේ දී ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, එම අවස්ථාව වන විට ෆකාර් සමාන් සුවය ලබා නොතිබීම නිසා ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු මේ වන විටත් හුදෙකලා කිරීමට ලක් කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඔහුට සිදු කළ කොරෝනා වෛද්‍ය පරීක්ෂණයේ දී අණාවරණය වී ඇත්තේ ෆකාර් සමාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

බබාර් අසාම් සියලු තරග රටාවන්හි නායකයා ලෙස පත් වීමෙන් අනතුරුව පාකිස්තානය සහභාගී වන පළමු තරග සංචාරය මෙයයි.

සංචාරය අරඹමින් පාකිස්තාන ක්‍රීඩකයින් දින 14ක නිරෝධායන කාලසීමාවක් ද ගත කළ යුතුයි.

තරග සංචාරයට 20යි 20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත් අතර, පළමු 20යි 20 තරගය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment