Ultimate magazine theme for WordPress.

නුවන් සොයිසා දූෂණ චෝදනා 3කට වරදකරු කෙරේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා අයි.සී.සී දූෂන මර්දන පනතෙහි වගන්ති 3ක් උල්ලංඝනය කළ බවට වරදකරු වී තිබෙනවා.

ඒ, ස්වාධීන දූෂන මර්දන විනිසුරු මඩුල්ලක් විසින් කළ විභාගයකින් අනතුරුවයි.

2018 වසරේ නොවැම්බර් මාසයේ දී අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ නුවන් සොයිසාට චෝදනා ගොනු කර තිබුණා.

අනතුරුව විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා විභාග කිරීමට පියවර ගත්තේ තමාට ඒ සදහා ඇති අයිතිය නුවන් සොයිසා විසින් භාවිතා කිරීමට තීරණය කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, සියලු චෝදනාවලට ඔහු වරදකරු වී තිබෙනවා.

ඒ අනුව නුවන් සොයිසාට එරෙහි තාවකාලික ක්‍රිකට් තහනම තවදුරටත් බලපැවැත්වෙන අතර, ඉදිරියේ දී ඔහුට ලබා දෙන දඩුවම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කරනු ඇති.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T 10 තරගාවලියට එක් වූ Team Sri Lanka කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් පසුවයි ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ.

එල්ල වූ චෝදනා –

  • Article 2.1.1 – for being party to an agreement or effort to fix or contrive or otherwise influence improperly the result, progress, conduct or other aspect(s) of a match.
  • Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1.
  • Article 2.4.4 – Failing to disclose to the ACU full details of any approaches or invitations received to engage in corrupt conduct under the Code.

මීට අමතරව එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවට ද නුවන් සොයිසාට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය චෝදනා 4ක් ගොණු කර ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන පනත යටතේයි.

T10 ලීග් තරගාවලියට අදාළව එම චෝදනා ගොණු කර ඇති අතර, ඊට අදාළ විමර්ශන තවදුරටත් සිදු වෙමින් පවතිනවා.

Leave a comment