Ultimate magazine theme for WordPress.

2012 SLPL කණ්ඩායම් හතේ නිල ලාංඡන සහ මෙවර කණ්ඩායම් පහේ නිල ලාංජන

නවතම ක්‍රිකට් ලීග් අත්දැකීමක ආශ්වාදය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පිරිනැමීමේ බලාපොරොත්තුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා.

මෙම මස අග ආරම්භ වීමට නියමිත එල්.පී.එල් තරගාවලියේ කණ්ඩායම් සියල්ලෙහි හිමිකාරිත්වය මේ වන විට තීරණය වී අවසන් බවටයි වාර්තා පල වුණේ.

ඉදිරි දින කිහිපය තුළ තරගාවලිය සදහා සහභාගීවීමට නියමිත සියලු විදෙස් ක්‍රීඩකයන් දිවයිනට පැමිණෙනු ඇති.

විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් තරගාවලියේ කණ්ඩායම් පහේ නිල ලාංඡන ද මේ වන විට එළිදක්වා තිබෙනවා.

පහුගියවර ( 2012 ) පැවතී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් 7 ක් ක්‍රීඩා කළ අතර එම කණ්ඩායම් හත සදහා පළාත් මුල්කරගෙන නාමයන් යොදාගෙන තිබුණා.

මෙවර තරගාවලිය කණ්ඩායම් පහක් පමණක් නියෝජනය කරන අතර ප්‍රධාන නගර මුල්කරගෙනයි එම කණ්ඩායම් නම් කර ඇත්තේ.

2012 වසරේ පැවති තරගාවලියේ සහ මෙවර තරගාවලියේ කණ්ඩායම්වල නිල ලාංඡන පහතින් –

LPL
Leave a comment