Ultimate magazine theme for WordPress.

දික්වැල්ල පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ දුන්නේ මෙහෙමයි

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල පුහුණු කදවුරකට සහභාගී වී සිටිනවා.

ක්‍රීඩකයින් 22 දෙනෙකු එක්ව ඇති මෙම පුහුණු කදවුර පසුගිය 13 වනදා ආරම්භ වූයේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීයි.

ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ මෙම පුහුණු කදවුර දින 10ක් පැවැත්වීමට  නියමිතයි.

කදවුරට සමගාමීව ක්‍රිකට් ක්‍රීඩකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණවලට ද යොමු කෙරුණා.

වාර්තාවන අන්දමට එම සියලු වෛද්‍ය පරීක්ෂණවලින් සියලු ක්‍රීඩකයින් සමත් වී ඇති බව සදහන්.

කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල ද මෙම පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ දී තිබූ අතර, ඊට අදාළ වීඩියෝවක් ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.

(දර්ශන මූලාශ්‍රය – newswire)

Leave a comment