Ultimate magazine theme for WordPress.

20යි 20 ලෝක කුසලානය එළි දකියි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තවත් ඇත්තේ මාස 12කට අඩු කාලයක්.

ඒ අනුව තරගාවලිය සදහා දින ගණනය කිරීම ආරම්භ කිරීම සහ කුසලානය එළිදැක්වීම පසුගිය දා ඩුබායි නුවර දී සිදු කෙරුණා.

ඒ, අයි.සී.සී ප්‍රධාන විධායක නිළධාරී Manu Sawhney, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සහ ලේකම් Jay Shah යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

කණ්ඩායම් 16ක් එක්වන තරගාවලිය ලබන වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2022 වසර දක්වා කල් දැමීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තේ.

2021 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීමට ද තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට ද බලපෑම් එල්ල වී ඇති බැවින් අවශ්‍ය වුවහොත් යොදා ගැනීම සදහා අමතර සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද නම් කර තිබූ බවයි වාර්තා වුණේ.

Leave a comment