Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින වරම් දිනූ චිගුම්බුරා ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන එල්ටන් චිගුම්බුරා ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන පාකිස්තාන – සිම්බාබ්වේ 20යි 20 තරගාවලියෙන් අනතුරුව ඔහු ජගත් ක්‍රිකට් පිටියට සමු දෙනු ඇති.

වසර 16ක් තිස්සේ සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ඔහු මේ වන විට ජාත්‍යන්තර තරග 281කදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5761ක්.

එහිදී කඩුලු 138ක් බිද හෙලීමට ද එල්ටන් චිගුම්බුරා සමත් වුණා.

ඔහු ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2004 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව බුලවායෝ හී දී පැවැති එක්දින තරගයකදීයි.

Leave a comment