Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට එරෙහි එංගලන්ත සංචිත නම් කෙරේ – ආචර්ට සහ ස්ටොක්ස්ට විවේකයක්

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන එංගලන්ත එක්දින සහ 20යි 20 සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතවලට ක්‍රීඩකයින් 15 දෙනා බැගින් ඇතුළත්.

සෑම් කරන්, බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලියන්ට තරග 3 බැගින් ඇතුළත්.

ක්‍රීඩකයින් 23 දෙනෙකු මෙම සංචිත දෙක සදහා ඇතුළත්ව ඇති අතර, ක්‍රීඩකයින් 10 දෙනෙකු සංචිත දෙකම නියෝජනය කරනවා.

සෑම් කරන්, බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර්ට අමතරව ඩේවිඩ් මලාන් සහ ක්‍රිස් ජෝර්ඩන් යන ක්‍රීඩකයින් ද නම් කර ඇත්තේ 20යි 20 සංචිතය සදහා පමණයි.

ජෝ රූට්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්, ලුවිස් ග්‍රෙගරි සහ ලියම් ලිවින්ග්ස්ටෝන් එක්දින සංචිතයට පමණක් නම් කර තිබෙනවා.

ජොස් බට්ලර් සංචිත දෙක සදහාම නම් කර ඇති බව සදහන්.

එංගලන්ත ක්‍රීඩකයින් ලබන 16 වනදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන අතර, පළමු 20යි 20 තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

T20I Squad:

Eoin Morgan (c), Moeen Ali, Jofra Archer, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Chris Jordan, Dawid Malan, Adil Rashid, Jason Roy, Ben Stokes, Reece Topley, Mark Wood

ODI Squad:

Eoin Morgan(c), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Tom Curran, Lewis Gregory, Liam Livingstone, Adil Rashid, Joe Root, Jason Roy, Olly Stone, Reece Topley, Chris Woakes, Mark Wood

Leave a comment