Ultimate magazine theme for WordPress.

ෂායි හෝප් සංචිතයෙන් ඉවත් කෙරේ

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සහ 20යි 20 සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සීමිත පන්දුවාර තරගවලදී ඉහළ දක්ෂතා දක්වන ෂායි හෝප් මෙම ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

නිමා වූ එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දී සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක්වීම මෙම තීරණයට ආසන්නතම හේතුවයි.

ෂායි හෝප් අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 13 තුළදීම ඔහු වාර්තා කර ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණයි.

කෙසේ වෙතත්, ඩැරන් බ්‍රාවෝ, ශිම්රන් හෙට්මයර් සහ කීමෝ පෝල් යළි කොදෙව් ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

මේ අතර, පවතින සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඇන්ඩ්‍රි රසල්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ එවින් ලුවිස් මෙම තරග සංචාරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සදහන්.

කොදෙව් පිලේ නවසීලන්ත සංචාරයට 20යි 20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත්.

නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 15 වනදා දක්වා වන කාලය තුළ අදාළ තරග පැවැත්වීමට නියමිතයි.

WI Test Squad:

Jason Holder (c), Jermaine Blackwood, Kraigg Brathwaite, Darren Bravo, Shamarh Brooks, John Campbell, Roston Chase, Rahkeem Cornwall, Shane Dowrich, Shannon Gabriel, Shimron Hetmyer, Chemar Holder, Alzarri Joseph, Keemo Paul, Kemar Roach

Test Reserves:

Nkrumah Bonner, Joshua DaSilva, Preston McSween, Shayne Moseley, Raymon Reifer, Jayden Seales

WI T20I Squad:

Kieron Pollard (c), Fabian Allen, Dwayne Bravo, Sheldon Cottrell, Andre Fletcher, Shimron Hetmyer, Brandon King, Kyle Mayers, Rovman Powell, Keemo Paul, Nicholas Pooran, Oshane Thomas, Hayden Walsh Jr, Kesrick Williams

Leave a comment