Ultimate magazine theme for WordPress.

“විදෙස් ක්‍රීඩකයින් නොමැතිව අයි.පී.එල් ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකියි” – මැතිව් හේඩ්න්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව පැවැත්විය හැකි බව ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩ්න් පවසනවා.

ලොව පුරා පවතින සංචරන සීමා හේතුවෙන් විදෙස් ක්‍රීඩකයින්ට මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දියාට පැමිණීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඉන්දියාවට මෙවර අයි.පී.එල් තරගාවලිය එරට දී සංවිධාන කළ නොහැකි නම්, එය ශ්‍රී ලංකාව වැනි රටක පැවැත්වීම වඩාත් යෝග්‍ය බව ද මැතිව් හේඩ්න් සදහන් කළා.

කොළඹ නගරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 3ක් 4ක් පමණ පැවතීම හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය පහසුවෙන් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කළ හැකි බව ඔහුගේ අදහසයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, එය මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

 

Leave a comment