Ultimate magazine theme for WordPress.

මෙවර IPL තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ විදෙස් ක්‍රීඩකයන් 20 දෙනා මෙන්න

20යි 20 ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දිය ප්‍රිමියර් ලීගයේ මේ වන විට තරග විසි දෙකක් නිමාවට පත්වී අවසන්.

සෑම තරගෙයෙන් තරගයටම පාහේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වන කණ්ඩායම වෙන්ස් වීමට තරම් මෙවර තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව දක්නට ලැබෙනවා.

මේ දක්වා පැවත්වා ඇතී තරගවලට අනුව පෙර වර්ෂවල වඩාත් ජයග්‍රාහී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ප්‍රසාද ලකුණු සටහන්හී පෙරමුණ හිමිකරගත් චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායම විශාල පසුබෑමකට ලක්ව සිටීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කරුණක්.

පසුගිය මස 19 වනදායින් ආරම්භ වූ තරගාවලියේ අඩකට ආසන්න තරග ප්‍රමනයක් අවසන් වී ඇති අවස්ථාවක, තවමත් ක්‍රීඩා කිරීමට එක් තරගයක් හෝ නොලැබුණු ක්‍රීඩකයින් රැසක් සිටින බව ද දක්නට ලැබෙනවා.

ඒ අතරට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙන්ම පෙර තරගාවලියන්හි ඉතාමත් හොඳින් දක්ෂතා දැක් වූ විදෙස් ක්‍රීඩකයන් ද වනවා.

එවැනි විදෙස් ක්‍රීඩකයින් 20 දෙනෙකු පිළිබදවයි අද අප අවධානය යොමු කරන්නේ.

මෙහිදී මෙවර තරගාවලිය සදහා තවමත් ක්‍රීඩාකර නොමැති බෙන් ස්ටෝක්ස් මෙම ලැයිස්තුවට ඇතුලත් නොකිරීමට අප තීරණය කළේ ඔහු තරගාවලිය අතරතුර කණ්ඩායමට එකතු වී(පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන්) මේ වන විට නිරෝධායන කාල සීමාවක් ගත කරමින් සිටින නිමාවෙන්.

එම නාම ලේඛනය මෙසේයි –

හාර්ඩස් විල්ජෝයින් – KIXP, ක්‍රිස් ගේල් – KIXP, සන්දීප් ලමිචානේ – DC, කීමෝ පෝල් – DC, ඇලෙක්ස් කෙරී – DC  ඩැනියෙල් සෑම්ස් – DC, මිචෙල් සැන්ට්නර් – CSK, ඉම්රාන් තහීර් – CSK, ජෝශ් හේසල්වුඩ් – CSK, ඔශේන් තෝමස් – RR, ටොම් බැන්ටන් – KKR, ලුකී ෆර්ගියුසන් – KKR, ක්‍රිස් ග්‍රීන් – KKR, ක්‍රිස් ලින් – MI, මිචෙල් මැක්ලෙනගන් – MI, නේතන් කෝල්ට නයිල් – MI, ඇන්ඩෲ ටයි – RR,  ක්‍රිස් මොරිස් – RCB,  බිලී ස්ටෙන්ලේක් – SRH,  ජේසන් හෝල්ඩර් – SRH, ෆේබියන් ඇලන් – SRH

මෙවර තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව –

KIXP – ඉෂාන් පොරෙල්, ටජින්ද සිං, දීපක් හූදා, දර්ශන් නල්කන්දෙ, ක්‍රිස් ගේල්, හාර්ඩස් විල්ජෝයින්, ක්‍රිස් ගේල්

DC – සන්දීප් ලමිචානේ, අජින්කෙයා රහානේ, කීමෝ පෝල්, ඇලෙක්ස් කේරී, ඩැනියෙල් සෑම්ස්, ලලිත් යාදේව්, තුෂාර් දේශ්පාන්ඩේ

CSK – මිචෙල් සැන්ට්නර්, ඉම්රාන් තහීර්, නාරායන් ජගදීසන්, කේ.එම්. අසීෆ්, සායි කිෂෝර්, මොනු කුමාර්

KKR – ටොම් බැන්ටන්, ලුකී ෆර්ගියුසන්, එම්. සිද්ධාර්ත්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, සිද්දේෂ් ලාද්, රින්කු සිං, ක්‍රිස් ග්‍රීන්, අලී ඛාන්

SRH – බිලී ස්ටෙන්ලේක්, ජේසන් හෝල්ඩර්, ෆේබියන් ඇලන්, සංජේ යාදේව්, ශ්‍රීවට්ස් ගොස්වාමි, බසිල් තම්පි, සන්දීප් බවනක, විරාට් සිං, ශහ්බාස් නදීම්, ප්‍රිත්වි රාජ් යාරා

MI – දිග්විජෙයි දේශ්මුක්, ආදිත්‍ය තාරෙ, ජයාන්ත් යාදෙව්,  නේදන් කොල්ට නයිල්, දවල් කුල්කානි, ක්‍රිස් ලින්, ෂෙර්ෆේන් රදර්ෆර්ඩ්, මොහ්සින් ඛාන්, අන්මොල්ප්‍රීට් සිං, මිචෙල් මැක්ලෙනගන්, අනුකුල් රෝයි, බල්වාන්ට් රායි සිං,

RR – ඇන්ඩෲ ටයි, බෙන් ස්ටොක්ස්, ඔෂේන් තෝමස්, මයාන්ක් මාකන්ඩේ, අනූජ් රාවත්, ආකාෂ් සිං, මනන් වොහ්රා, ශශාන්ක් සිං, අනිරුධා ජොෂී, වරුන් ආරෝන්

RCB – ක්‍රිස් මොරිස්, ප්‍රාතිව් පටෙල්, ශහ්බාස් අහ්මඩ්, පවන් නෙගී, පවන් දේශ්පන්ඩේ

Leave a comment