Ultimate magazine theme for WordPress.

ජඩේජා සහ ඩු ප්ලෙසිස් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු සෑම වසරකදීම සුපිරි උඩ පන්දු රැක ගැනීම් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි කර දුන් තරගාවලියක්.

මෙවර තරගාවලියේ දී ද එවැනි අවස්ථා වෙනසකින් තොරව නැරඹීමේ අවස්ථාව රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට හිමිව ඇති බව සදහන් කළ යුතුයි.

එවැනි විශේෂ උඩ පන්දු රැක ගත් ක්‍රීඩකයින් අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ද ඉදිරියෙන්ම පසුවනවා.

ඔහු අද(7) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ද එවැනි සුපිරි උඩ පන්දුවක් රැක ගත්තා.

එහි විශේෂත්වය වන්නේ එම උඩ පන්දු රැක ගැනීමට ෆෆ් ඩු ප්ලෙසිස් ද දායකත්වය ලබා දීමයි.

කොල්කටා කණ්ඩායමේ සුනිල් නාරායන්ගේ කඩුල්ල දවා ගැනීම සදහා ඔවුන් දෙදෙනා මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.

ඊට අදාළ දර්ශන මෙතනින්

Leave a comment