Ultimate magazine theme for WordPress.

එංගලන්ත කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

2020/21 තරග වාරය සදහා වන කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(30) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව ප්‍රධාන වශයෙන් ටෙස්ට් සහ සීමිත පන්දුවාර තරග සදහා කොන්ත්‍රාත් 12 බැගින් පිරිනමා තිබෙනවා.

සැක් ක්‍රව්ලි, ඔලී පෝප් සහ ඩොම් සිබ්ලි යන ක්‍රීඩකයින්ට මෙහිදී පළමුවරට ටෙස්ට් කොන්ත්‍රාත් හිමිව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ.

තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට සීමිත පන්දුවාර තරග සදහා වන කොන්ත්‍රාත්තුවක් හිමිව ඇති බව සදහන්.

ජෝ ඩෙන්ලිට සීමිත පන්දුවාර කොන්ත්‍රාත් අහිමි වී ඇති අතර, ජොනී බෙයාර්ස්ටව්ට ටෙස්ට් කොන්ත්‍රාත් අහිමි වී තිබෙනවා.

මේ අතර, ඩොම් බෙස්, ක්‍රිස් ජෝර්ඩන්, ඩේවිඩ් මලාන් සහ ජැක් ලීච් යන ක්‍රීඩකයින්ට වර්ධක කොන්ත්‍රාත්තු ද, සකීබ් මහ්මූද්, ඔලී ස්ටෝන් සහ ක්‍රෙයිග් ඕවර්ටන්ට වේග පන්දු යැවීමේ සංවර්ධන කොන්ත්‍රාත් ද පිරිනමා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

හෙට(1) සිට වසරක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි මෙම කොන්ත්‍රාත් පිරිනමා තිබෙනවා.

කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩක ලැයිස්තුව –

Test Central Contracts :
James Anderson (Lancashire), Jofra Archer (Sussex), Stuart Broad (Nottinghamshire), Rory Burns (Surrey), Jos Buttler (Lancashire), Zak Crawley (Kent), Sam Curran (Surrey), Ollie Pope (Surrey), Joe Root (Yorkshire), Dom Sibley (Warwickshire), Ben Stokes (Durham), Chris Woakes (Warwickshire).

White Ball Central Contracts :
Moeen Ali (Worcestershire), Jofra Archer (Sussex), Jonny Bairstow (Yorkshire), Jos Buttler (Lancashire), Tom Curran (Surrey), Eoin Morgan (Middlesex), Adil Rashid (Yorkshire), Joe Root (Yorkshire), Jason Roy (Surrey), Ben Stokes (Durham), Chris Woakes (Warwickshire), Mark Wood (Durham).

Increment Contracts :
Dom Bess (Somerset), Chris Jordan (Sussex), Dawid Malan (Yorkshire), Jack Leach (Somerset).

Pace Bowling Development Contracts :
Saqib Mahmood (Lancashire), Craig Overton (Somerset), Olly Stone (Warwickshire).

Leave a comment