Ultimate magazine theme for WordPress.

ලංකා ප්‍රිමියර් ලීගයේ වෙන්දේසියට එන ප්‍රධාන ක්‍රීඩකයින් 40 මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට තවත් ඇත්තේ සති දෙකක පමණ කාලයක්.

තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු අයැදුම් කර තිබූ අතර, ඉන් 150 දෙනෙකු පමණක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

ක්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ්‍රාවෝ, ශහිඞ් අෆ්රිඩි, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටව්, කොලින් මුන්රෝ, ලුක් රයිට් සහ වර්නන් ෆිලෙන්ඩර් වැනි ක්‍රීඩකයින් ද වෙන්දේසියට ඉදිරිපත්ව සිටින බව අප මීට පෙර වාර්තා කළා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

රටවල් කිහිපයකින් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු newswire වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් –

Icon Players –
Angelo Mathews – All-Rounder
Lasith Malinga – Bowler
Thisara Perera – All-Rounder
Kusal Janith Perera – Batsman
Dasun Shanaka

Indian Players –
Munaf Patel – Bowler
Praveen Kumar – Bowler
Shadab Jakati – All-Rounder
Manpreet Gony – Bowler

Bangladesh Players –
Shakib Al Hasan – All-Rounder
Tamim Iqbal – Batsman
Mehidy Hasan – All-Rounder
Rubel Hossain – Bowler
Mushfiqur Rahim – WK Batsman

Pakistan Players –
Shahid Afridi – All-Rounder
Wahab Riaz – Bowler
Mohamed Hafeez – All-Rounder
Mohamed Amir – Bowler
Sohaib Malik – All-Rounder

West Indies Players –
Chris Gayle – All-Rounder
Darren Sammy – All-Rounder
Darren Bravo – Batsman
Dwayne Smith – All-Rounder
Evin Lewis – Batsman

South African Players –
Faf Du Plessis – Batsman
Morne Morkel – Bowler
Imran Tahir – Bowler
Heinrich Klassen – WK Batsman
Rassie Van Der Dussen – Batsman

New Zealand Players –
Tim Southe – Bowler
Trent Boult – Bowler
Colin De Grandhomme – All-Rounder
Corey Anderson – All-Rounder
Colin Munro – Batsman

Other Marquee Players –
Ravi Bopara – All-Rounder
Jonny Bairstow – WK Batsman
Ryan Ten Doeschate – All-Rounder
Mohammad Nabi – All-Rounder
Mujeeb Ur Rahman – Bowler

Leave a comment