Ultimate magazine theme for WordPress.

නිරෝධායනයට අකමැති වූ බංගලාදේශයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමුතු විසදුමක්

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් හා කා‍‍‍‍‍ර්ය මණ්ඩල සාමාජිකයින් දෙරටේ දී ම අවස්ථා දෙකකදී නිරෝධායනය වන ආකාරයේ සැලැස්මක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එරට ක්‍රිකට් බළධාරීන්ට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් මෙරටට පැමිණීමට පෙර එරටදී දින 7ක් ද, මෙරටට පැමිණීමෙන් පසු දින 7ක් ද නිරෝධායනයට ලක් විය යුතු බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සැලැස්ම සදහා මෙතෙක් මෙරට සෞඛ්‍ය බළධාරීන්ගේ හෝ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව නොමැති බව සදහන්.

තරගාවලියේ දී නිරෝධායන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් හා සෞඛ්‍ය බළධාරීන් අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දින 14ක කාලයක් සිය ක්‍රීඩකයින් නිරෝධායනයට ලක් කිරීම කළ නොහැක්කක් බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පසුගිය දා සදහන් කර සිටියේ.

ඒ  දින 14ක කාලයක් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට මෙරටට පැමිණීමෙන් අනතුරුව නිරෝධායනයට ලක්වීමට සිදු වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ  දැනුම් දීමකට පිළිතුරු සපයමින්.

එතරම් කාලයක් සිය ක්‍රීඩකයින්ට හෝටල් කාමරවල රැදී සිටිය නොහැකි බවත්, දින 7ක කාලයක් පමණක් නිරෝධායනයට ලක් විය හැකි බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පෙන්වා දී තිබුණා.

බංග්ලාදේශ කණ්ඩායම තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සදහා ලබන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, පළමු ටෙස්ට් තරගය ඔක්තෝම්බර් 23 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment