Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ දේශීය ක්‍රිකට් තරග වාරය අවලංගු කෙරේ

මෙවර දේශීය තරග වාරය අවලංගු කිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

බොහෝ රටවල් මේ වන විට දේශීය ක්‍රිකට් තරග වාරය අවසන් කර ගැනීමට නොහැකි වී ඊට විවිධ පිළියම් සොයමින් සිටිනු දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය මෙවර දේශීය තරග වාරය අවලංගු කිරීම විශේෂත්වයක්.

මාර්තු 30 වනදා සිට සිම්බාබ්වේ දේශය වසා දැමීමේ (lockdown) ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින අතර, එරට තුළ ක්‍රිකට් තරග පැවැත්වීම මාර්තු 18 වනදා සිට අත්හිටුවා තිබෙනවා.

ඒ වන විට දේශීය තරගාවලි කිහිපයක් ආරම්භ වී තිබූ නමුත්, ඒවා අවසන් කර ගැනීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට හැකි වූයේ නැහැ.

Leave a comment