Ultimate magazine theme for WordPress.

විජයකාන්ත් වියස්කාන්ත් IPL තරගාවලියට

ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන විජයකාන්ත් වියස්කාන්තට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සමග සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

21 හැවිරිදි ඔහු දැල් පන්දු යවන්නෙකු (Net Bowler) ලෙසයි මෙවර අයි.පී.එල් තරගාවලියට එක්වීමට නියමිතව ඇත්තේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් එලෙස ඔහුව දැල් පන්දු යවන්නෙකු ලෙස සිය සංචිතය සමග එක් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර කටයුතු කරන අතර, කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගයි.

නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Chattogram Challengers කණ්ඩායම වෙනුවෙන් ද විජයකාන්ත් වියස්කාන්ත් ක්‍රීඩා කළා.

මෙවර අයි.පී.එල් තරගාවලිය එළඹෙන 31 වැනිදා සිට මැයි 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment