නෙයිල් වෑග්නර්ගේ ආබාධය ගැන නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, මේ දිනවල ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (11) දිනයේ දී ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව හා පාදයක ආබාධයන් සිදු වීම හේතුවෙන්.
ඔහු අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබූ අතර, ඉන් අනතුරුවයි ඔහුට දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළ නොහැකි බවට අනාවරණය වී ඇත්තේ.
ආබාධය නිසා නෙයිල් වෑග්නර්ට සති හයක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.
UPDATE | Neil Wagner has been ruled out of the second Dulux Test against Sri Lanka after a scan today revealed he has a bulging disc in his back and a torn right hamstring. Wagner felt pain on Day 3 at Hagley and the scan today revealed the extent of his injuries. #NZvSL pic.twitter.com/P2GMOSaOr3
— BLACKCAPS (@BLACKCAPS) March 12, 2023