ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා භාර ගැනීම අවසන් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එළඹෙන නිලවරණය සදහා වන නාමයෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව වෙත අද (28) දිනයේ දී ලැබී තිබෙනවා.
නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 9.30ට ආරම්භ වූ අතර, පස්වරු 3.30 ට අවසන් වූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරනය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.
2023 වසරේ සිට 2025 වසර දක්වා වසර දෙකක කාලයක් සදහා නිලධාරීන් පත් කිරීම වෙනුවෙනුයි මෙම නිලවරණය පැවැත්වෙන්නේ.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන් ක්‍රිකට් නිලවරණ කමිටුවට ඇතුළත්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමකදීයි මෙම නිලවරණ කමිටුව පත් කර තිබුණේ.