Ultimate magazine theme for WordPress.

පවන්ගේ ශතකය හා වනිදුගේ කඩුලු 3 යාපනයට එරෙහිව දඹුල්ලට තරගයේ පාලනය හිමි කර දෙයි

Day 2 Report

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය (National Super League 4-Day Tournament) යටතේ දඹුල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ දෙවැනි දිනය අද (24) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි යාපනය පිල කඩුලු 7 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියේ තරගයේ පළමුව පන්දුවට පහර දී දඹුල්ල කණ්ඩායම රැස් කළ ලකුණු 426 ට පිළිතුරු වශයෙන්.

යාපනය ඉනිම වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 97 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 42 කට කඩුලු 3 ක් දවා ගත්තා. දුෂාන් හේමන්ත බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඉනිම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 117 ක් ලබා ගත්තා. ගයාන් මනීෂාන් ලකුණු 51 යි. අශාන් ප්‍රියන්ජන් ලකුණු 49 කට දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී ශශික දුල්ෂාන් යාපනය පිල වෙනුවෙන් ලකුණු 131 කට කඩුලු 6 ක් දවා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව මේ වන විට යාපනය කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 206 ක් පිටුපසින් පසුවනවා.

Leave a comment