Ultimate magazine theme for WordPress.

20යි 20 පන්දු යවන්නන් අතර පෙරමුණ යළි හසරංගට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(22) ප්‍රකාශයට පත් කළ නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පන්දු යවන්නන් අතර පෙරමුණ යළි හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් 20යි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානය හිමි කර ගෙන සිටි ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානයට ඇදදමමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පසුගියදා නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී රෂීඩ් ඛාන් ඉහළ දක්ෂතා දැක් වීමට අපොහොසත් වීම හේතුවෙනුයි වනිදු හසරංග යළි එහි පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ.

එමීර් කණ්ඩායමට එරෙහි 20යි 20 තරග තුනේ දී රෂීඩ් ඛාන් කඩුලු 4 ක් පමණක් දවා ගත්තා.

මේ වන විට වනිදු හසරංගට ශ්‍රේණිගත ලකුණු 695 ක් හිමිව ඇති අතර, රෂීඩ් ඛාන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 694 ක්.