පන්දුවාර 58 කදී එංගලන්තය ඉනිම අත්හිටුවයි ; නවසීලන්තය ලකුණු 288 ක් පිටුපසින්
Day 1 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(16) Mount Maunganui හී දී ආරම්භ වුණා.
දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසි එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඔවුන් ක්‍රීඩා කළේ පන්දුවාර 58.2 ක් පමණයි.
ආරම්භක පිතිකරු බෙන් ඩකෙට් පන්දු 68 කින් වේගවත් ලකුණු 84 ක් ලබා ගත්තා. හැරී බෘෘක් ලකුණු 89 ක් රැස් කළේ පන්දු 81 කින්. ඔලී පෝප් ලකුණු 42 ක් හා බෙන් ෆෝක්ස් ලකුණු 38 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී නෙයිග් වෑග්නර් ලකුණු 82 කට කඩුලු 4 ක් බිද හෙලුවා. ටිම් සවුති හා Scott Kuggeleijn අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්තය දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 37 ක්.
ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 17 යි. පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2 ක් හා ඔලී රොබින්සන් එක් කඩුල්ලක් දවා ගත්තා.
ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 288 ක්.
A tragic end for Harry Brook 😔
He falls just 11 runs short of his 4th Test match century… #NZvENG pic.twitter.com/ntTkS4FxQt
— Cricket on BT Sport (@btsportcricket) February 16, 2023