Ultimate magazine theme for WordPress.

දෙවැනි එක්දින තරගයට වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි එක්දින තරගය සදහා වන ශ්‍රී ලංකා ‘A’ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (16) නිවේදනය කළා.

සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

පළමු එක්දින තරගයට නම් කළ සංචිතයට ඇතුළත්ව සිටි ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් මෙම සංචිතය සදහා ද නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පළමු එක්දින තරගය සදහා වන සංචිතයට නම් කෙරුණු චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම හා මිලාන් රත්නායක යන ක්‍රීඩකයින් දෙවැනි එක්දින තරගය සදහා වන සංචිතයට ඇතුළත් කර නැහැ.

ඔවුන් වෙනුවට දුනිත් වෙල්ලාලගේ, ඉසිත විජේසුන්දර හා අම්ශි ද සිල්වා සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා A කණ්ඩායම හා ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග 2 පිළිවෙලින් පෙබරවාරි 18 හා 21 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 4ක ජයක් ඊයේ(15) හිමි කර ගත්තා.

ඊට පෙර කණ්ඩායම් දෙක අතර පැවැති තරග දෙකකින් යුත් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-0 ක් ලෙස ජය පරාජයෙන් තොරවයි නිමා වුණේ.

දෙවැනි එක්දින තරගයට නම් කළ ශ්‍රී ලංකා A සංචිතය –

  1. Avishka Fernando
  2. Lasith Croospulle
  3. Nuwanidu Fernando
  4. Angelo Mathews
  5. Sadeera Samarawickrama – ( Wk) – Captain
  6. Sahan Arachchige
  7. Dunith Wellalage
  8. Dushan Hemantha
  9. Pramod Madushan
  10. Kavishka Anjula
  11. Isitha Wijesundera
  12. Amshi De Silva
  13. Lahiru Udara
  14. Nipun Dhananjaya
  15. Suminda Lakshan