Ultimate magazine theme for WordPress.

ඇප නියම වූ සන්දීප් නේපාල සංචිතයට නම් කෙරේ

ස්කොට්ලන්තය හා නැමීබියාව සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නේපාල සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේ (Sandeep Lamichhane) නම් කර තිබෙනවා.

සන්දීප් ලැමිච්හානේට එරෙහිව පැනවූ තාවකාලික ක්‍රිකට් තහනම අවලංගු කිරීමට නේපාල ක්‍රිකට් සංගමය පසුගියදා ගෙන තිබූ තීරණය හේතුවෙන් මෙම නම් කිරීම බොහෝ පාර්ශව විසින් අපේක්ෂා කරනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී 22 හැවිරිදි ලැමිච්හානේට ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් සංගමය තීරණය කළේ ඔහුට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට වන චෝදනාව හේතුවෙන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඔහුට පසුගිය මාසයේ දී ඇප නියම වුණා. අවසන් නඩු තීන්දුව ලබා දෙන තුරු ඔහුට විදේශගත වීම තහනම් කිරීමටයි නියම කෙරුණේ.

තුන්කොන් තරගාවලිය සදහා නම් කෙරුණු Rohit Paudel ගේ නායකත්වයෙන් යුත් නේපාල සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයට අයත් (ICC’s Cricket World Cup League 2) මෙම තරගාවලිය එළඹෙන 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Nepal squad:

Rohit Paudel (c), Kushal Bhurtel, Aasif Sheikh, Gyanendra Malla, Kushal Malla, Dipendra Singh Airee, Sundeep Jora, Sompal Kami, Karan KC, Lalit Rajbanshi, Sandeep Lamichhane, Gulshan Jha, Bhim Sharki, Surya Tamang

Travelling reserves: Aarif Sheikh, Pratish GC, Shyam Dhakal, Arjun Saud