Ultimate magazine theme for WordPress.

“මම රටේ හොදම පිතිකරුවන් 6 දෙනා අතරේ ඉන්නවා”

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වීම සදහා තමා තවදුරටත් සටන් කරන බව මුල් පෙල පිතිකරු උස්මාන් කවාජා පවසනවා.

තමා එරට තුළ සිටින හොදම පිතිකරුවන් 6 දෙනා අතර සිටින බවට තමන් විශ්වාස කරන බවයි උස්මාන් කවාජා පෙන්වා දෙන්නේ.

Fox Sports වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කළා.

පසුගිය වසරේ අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව උස්මාන් කවාජා මෙතෙක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නැහැ.

පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුට ප්‍රධාන ස්ථානයක් කණ්ඩායමේ හිමි වුව ද මේ වන විට එක්දින කණ්ඩායමේ ඉදිරි සැලසුම්වලින්ද උස්මාන් කවාජා ඉවත් කර ඇති බවක් දක්නට ලැබෙනවා.

එය තවදුරටත් තහවුරු වූයේ පසුගියදා ඔහුව එරට කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් 20 දෙනා අතරින් ද ඉවත් කිරීම හේතුවෙන්.

” ඔබ දක්ෂතා දක්වනවානම් වයස කියන්නේ ඉලක්කමක් පමණයි. මෙය මට වයස අවුරුදු 37ක් 38ක් වගේ වෙලා මගේ ක්‍රීඩා දිවිය අවසන් වෙන අවස්ථාවක් වගේ නෙවෙයි.”

යනුවෙන් 33 හැවිරිි කවාජා සදහන් කළා.

” අහංකාර ලෙස කියනවා නෙවෙයි. මම හිතන්නේ මම තාමත් රටේ හොදම පිතිකරුවන් 6 දෙනා අතර ඉන්නවා”

Leave a comment