ශ්‍රී ලංකාවට එක් ලකුණක තියුණු පරාජයක්
Match Report

අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ එක් ලකුණක තියුණු පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ඊයේ(24) රාත්‍රියේ සිදු වුණා.
Potchefstroom හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා.
Kayla Reyneke ලකුණු 43 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී විදුෂිකා පෙරේරා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 133 ක් පමණයි.
දෙව්මි විහංගා ලකුණු 37 ක් හා නෙත්මි සේනාරත්න ලකුණු 36 ක් වාර්තා කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ප්‍රසාද ලකුණු කිසිවක් නොමැතිව මේ වන විට රැදී සිටින්නේ 5 වැනි ස්ථානයේයි.