Watch : මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට මිලර් රැක ගත් සුපිරි උඩ පන්දුව

දකුණු අප්රිකාවේ පැවැත්වෙන SA 20 ක්රිකට් තරගාවලිය යටතේ අද (22) පැවැති තරගාවලියේ 18 වැනි තරගයේ දී Pretoria Capitals කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීම සදහා Paarl Royals ක්රීඩක ඩේවිඩ් මිලර් සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවා.
මෙම තරගයෙන් Paarl Royals කණ්ඩායම කඩුලු 6 ක ජයක් වාර්තා කළේ Pretoria Capitals කණ්ඩායම ලබා දුන් ලකුණු 159 ක ඉලක්කය පන්දුවාර 19.4 ක් තුළ කඩුලු 4 ක් දැවී පසු කර යමින්.
Paarl හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Pretoria Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තේ Theunis de Bruyn ගේ ලකුණු 53 න් ශක්තිමත් වෙමින්.
කුසල් මෙන්ඩිස් පන්දු 26 කින් ලකුණු 37 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.
කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) January 22, 2023