PSL තරගාවලිය පෙබරවාරි 13 ඇරඹේ
2023 පාකිස්තාන සුපර් ලීග් ක්රිකට් තරගාවලිය පෙබරවාරි 13 වැනිදා ආරම්භ වන බව පාකිස්තාන ක්රිකට් ආයතනය පවසනවා.
පසුගිය තරග වාරයේ අවසන් තරගය සදහා ක්රීඩා කළ Lahore Qalandars කණ්ඩායම හා Multan Sultans කණ්ඩායම මෙවර තරග වාරයේ පළමු තරගය සදහා ක්රීඩා කිරීමට නියමිතයි.
මුල්තාන් ක්රිකට් ක්රීඩාංගනයේ දී සමාරම්භක තරගය පැවැත්වෙන අතර, මෙවර තරගාවලිය සදහා තරග 34 ක් ඇතුළත්.
කරච්චි, ලාහෝර්, මුල්තාන් හා පෙෂාවර් හී දී තරග පැවැත්වෙන බව එරට ක්රිකට් ආයතනය නිවේදනය කළා.
පෙබරවාරි 13 වැනිදා සිට 26 වැනිදා දක්වා මුල්තාන් හා පෙෂාවර් හීදී තරග පැවැත්වෙන අතර, කරච්චි හා ලාහෝර් හී දී ඉතිරි තරග පැවැත්වීමට නියමිතයි.
මාර්තු 19 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සමග අවසන් වටයේ සියලු තරග ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වනිදු හසරංග, භානුක රාජපක්ෂ, අඩිල් රෂීඩ්, මැතිව් වේඩ් හා ජිමී නීෂම් වැනි ක්රීඩකයින් පළමු වරට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා මෙවර ක්රීඩා කිරීමට නියමිත වීම ද විශේෂත්වයක්.
වනිදු හසරංග Quetta Gladiators (ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්) කණ්ඩායම සදහා ද , භානුක රාජපක්ෂ Peshawar Zalmi (පෙෂාවර් සල්මි) කණ්ඩායම සදහා ද ක්රීඩා කිරීමට නියමිතයි.
මේ අතර, දේශිය හා විදේශීය ක්රීඩිකාවන් ඇතුළත් කාන්තා කණ්ඩායම් දෙකක් ක්රීඩා කරන ප්රදර්ශනාත්මක තරග 3 ක් මාර්තු 8, 10, 11 යන දිනවලදී රාවල්පින්ඩි හී දී පැවැත්වීමට ද පාකිස්තාන ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.