අෆ්රිඩි පත් වූ පළමු දිනයේ දී ම පාකිස්තාන ටෙස්ට් සංචිතයට වෙනස්කම් 3ක්

නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට අලුතින් පත් කෙරුණු තාවකාලික ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ශහිඩ් අෆ්රිඩිගේ සභාපතිත්වයෙන් යුත් තාවකාලික තේරීම් කමිටුව පත් කෙරුණු පළමු දිනයේ දී ම යි එම තේරීම් කමිටුව විසින් මෙම පියවර ගෙන ඇත්තේ.
Also Read : හසන් අලී ටෙස්ට් සංචිතයට යළි කැදවයි
ඒ අනුව මීට පෙර නම් කර තිබූ ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය මේ වන විට ක්‍රීඩකයින් 19 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සංචිතයට අලුතින් ඇතුළත් කර ඇත්තේ Mir Hamza, Sajid Khan හා Shahnawaz Dahani.
පාකිස්තාන – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය හෙට (26 වැනිදා) කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.
Also Read : අයහපත් කාළගුණය නිසා පාකිස්තාන – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක්
Pakistan Squad:
Babar Azam (C), Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Kamran Ghulam, Mir Hamza, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Noman Ali, Sajid Khan, Salman Ali Agha, Sarfaraz Ahmed, Saud Shakeel, Shahnawaz Dahani, Shan Masood and Zahid Mehmood.