Ultimate magazine theme for WordPress.

අයහපත් කාළගුණය නිසා පාකිස්තාන – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක්

පාකිස්තානය හා නවසීලන්තය අතර ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි තරගය කරච්චි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකගතාවයකට එළඹ තිබෙනවා.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අයහපත් කාළගුණ තත්ත්වය මේ වන විටත් ගුවන් ගමන් සදහා ද බලපෑම් එල්ල කර තිබෙනවා.

ඒ අනුව අයහපත් කාළගුණයෙන් තරගයට සිදු විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් දෙවැනි ටෙස්ට් තරගය මෙලෙස කරච්චි හී දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගය හා එක්දින තරග 3 පැවැත්වීමට නියමිතව තිබූ දිනට වඩා එක් දිනකට පෙර පැවැත්වීමට ද දෙරටේ ක්‍රිකට් ආයතන එකගතාවයකට එළඹ තිබෙනවා.

Revised itinerary:

26-30 December – 1st Test, Karachi

2-6 January – 2nd Test, Karachi

9 January – 1st ODI, Karachi

11 January – 2nd ODI, Karachi

13 January – 3rd ODI, Karachi