Ultimate magazine theme for WordPress.

වසීම් අක්‍රම් දිවයිනට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් අද (22) පෙරවරුවේ දී දිවයිනට පැමිණියා.

ඒ, හෙට(23) පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගය සදහා එක් වීමේ අරමුණින්.

තරගාවලියේ අවසන් මහා තරගය සදහා මේ වන විටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබා අවසන්.

තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති අතර, ඉන් කිංග්ස් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 24 ක ජයක් වාර්තා කරමිනුයි අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (22) පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය (Qualfier 2) සදහා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගෙන ඇති අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව හෙට දිනයේ දී තරග බිමට පිවිසෙනු ඇති.

Show Comments (1)