Ultimate magazine theme for WordPress.

Watch : අවසන් පන්දුවාරයේ දී නුවනිදු ගහපු සුපිරි හයේ පහර 2

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (19) රාත්‍රී 7.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණේ දඹුල්ල ඕරා කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් දඹුල්ල කණ්ඩායමට මෙම තරගයෙන් දැවැන්ත පරතරයක් සහිතව ජය ගැනීම අනිවාර්යය වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්.

සියලු පිතිකරුවන් පාහේ අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ නුවනිදු ප්‍රනාන්දු පන්දු 42 කින් නොදැවී ලකුණු 63 ක් වාර්තා කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් ඇතුළත්.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ඔහු සිකන්ඩා රාසාට එරෙහිව ලකුණු 25 ක් රැස් කිරීම කැපී පෙනුණා.

Show Comments (1)