ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ගුවන් මගින් රෝහල් ගත කෙරේ
එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ගුවන් මගින් රෝහල් ගත කර තිබෙනවා.
රූ ගත කිරීමක් අතරතුර දී සිදු වූ මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඔහුව මෙලෙස රෝහල් ගත කර ඇති බවයි බී බී සී ලෝක සේවය නිවේදනය කළේ.
බී.බී.සී හි Top Gear නම් රූපවාහිනී වැඩසටහනෙහි රූ ගත කිරීම් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.