Ultimate magazine theme for WordPress.

IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙසිය සදහා ක්‍රීඩකයින් 991 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු නොවැම්බර් 30 වැනිදායින අවසන් වූ අතර, ලියාපදිංචි වූ ක්‍රීඩකයින අතරට විදෙස් ක්‍රීඩකයින් 277 දෙනෙකු ඇතුළත්.

ඉන්දීය ක්‍රීඩකයින් 714 දෙනෙකු ද වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.

ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් අතරට ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 185 දෙනෙකු හා ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 786 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් වරම් දිනා නොමැති රටවලින් ක්‍රීඩකයින් 20 දෙනෙකු ද ලියාපදිංචි වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.‍

2023 අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා කොචි හී දී පැවැත්වීමට නියමිතයි.

වෙන්දේසිය සදහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 23 ක්.

රටවල් අනුව ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති ප්‍රමාණය –

  • Afghanistan 14
  • Australia 57
  • Bangladesh 6
  • England 31
  • Ireland 8
  • Namibia 5
  • Netherlands 7
  • New Zealand 27
  • Scotland 2
  • South Africa 52
  • Sri Lanka 23
  • UAE 6
  • West Indies 33
  • Zimbabwe 6
Show Comments (4)