Ultimate magazine theme for WordPress.

Watch : පළමු පන්දුවෙන්ම මලාන්ගේ කඩුල්ල මතිෂ දවා ගත් හැටි

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නියෝජනය කරන Bangla Tigers කණ්ඩායම ක්‍රීඩා කළ තවත් තරගයක් ඊයේ(24) රාත්‍රියේ පැවැත්වුණා.

එම තරගයේ දී Bangla Tigers කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ The Chennai Braves කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Braves කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා.

කාර්ලස් බ්‍රැත්වෙයිට් පන්දු 19 කින් නොදැවී ලකුණු 44 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ එක් පන්දුවාරයක් යොමු කර ලකුණු 6 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ඔහු යොමු කළ පළමු පන්දුවෙන්මයි එම කඩුල්ල දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වුණේ. (දර්ශන පහතින්)

ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 27(15) ක් ලබා සිටි ඩාවිඩ් මලාන්.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Bangla Tigers කණ්ඩායමට පන්දුවාර 19.5 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 93 ක් පමණයි.

ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 20 කින් ලකුණු 49 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කාර්ලස් බ්‍රැත්වෙයිට් ලකුණු 3 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Show Comments (1)