Watch : ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සටනට කදවුරු බදියි

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක කාලයක් පමණයි.
තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, සංචාරයේ දී දෙරට අතර අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි එක්දින තරගය 27 වැනිදා ද, තෙවැනි එක්දින තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තරග සංචාරය අරමුණු කර ගනිමින් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පුහුණු කදවුරකට එක්ව සිටිනවා.
එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පුහුණුවීම්වල නිරත වන අයුරු ඇතුළත් වීඩියෝවක් එරට ක්‍රිකට් ආයතනය අද සමාජ මාධ්‍ය වෙත නිකුත් කළා.
AfghanAtalan gear up for the three-match ODI series against Sri Lanka.#AfghanAtalan | #AFGvSL pic.twitter.com/xCvg3xBuNZ
— Afghanistan Cricket Board (@ACBofficials) November 16, 2022