Ultimate magazine theme for WordPress.

Watch : කොදෙව්වන්ට එරෙහිව සනත් ගහපු සුපිරි පහරවල්

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද(30) රාත්‍රි 7.30ට රායිපූර් හීදී ආරම්භ වුණා.

ඒ්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම වෙනුවෙන් පළමුව පිටියට පිවිසියේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, උඩවත්ත ලකුණු 15 කට දැවී ගියා.

සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළේ පන්දු 19 කින්. හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 172 ක් ලබා ගනිමින්.

ඉෂාන් ජයරත්න ලකුණු 31ක් හා ජීවන් මෙන්ඩිස් ලකුණු 25 ක් රැස් කළා.

Leave a comment