Ultimate magazine theme for WordPress.

බුම්රා ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්

දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා මොහමඩ් සිරාජ් ඉන්දීය සංචිතයට ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා වෙනුවටයි.

බුම්රා මේ වන විට පිට කොන්දේ ආබාධයකට ගොදුරුව සිටින අතර, ඔහු ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ පසුවන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

මෙම ආබාධය හේතුවෙන් ජස්ප්‍රිට් බුම්රාට ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිදු කර නැහැ.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් එළඹෙන දෙවැනිදා ගුවහාටි හී දී හා එළඹෙන 4 වැනිදා ඉන්දෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

India squad for South Africa T20Is:

Rohit Sharma (C), KL Rahul (vc), Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant (wk), Dinesh Karthik (wk), R. Ashwin, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Deepak Chahar, Umesh Yadav, Shreyas Iyer, Shahbaz Ahmed, Mohd. Siraj